Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk

Tuesday, April 19, 2016

රැහැන් රහිත ඔත්තු බලන සංවේදක

අළුත් අළුත් ගැජට් කොච්චර ආවත් නිවසේ වයර් හනස්සක් එකතු වෙනවාට නම් කවුරැවත්ම කැමති නෑ. මෙම වයර් කප්පාදු කිරීමට, එඩෝවන්
තාක්ෂණික විශ්ව විද්‍යාලයේ  පර්යෙෂකයෙක් වන හාඕ ගාඕ, ඔහුගේ ආචාර්ය උපාධියේ කොටසක් ලෙස  පරියේෂණයක් කලා එය අපූරැ සංවේචකයක් 
එනම් උෂ්ණත්ව සම්ප්‍රේෂණය කිරීම සඳහා රේඩියෝ තරංගවලින් ක්‍රියාත්මක වන කුඩා සංවේදකයක්. එය විශේෂ රවුටරයකින් රේඩියෝ තරංග ග්‍රහණය 
කර ඒවා විදුලිය බවට පරිවර්තනය කර එමගින් අදාල උපාංගය ක්‍රියාත්මක කරනවා. 

එඩෝවන් තාක්ෂණික විශ්ව විදයාලයේ පර්යේෂකයින් පවසන පරිදි මෙම අපුරූ සංවේදක විවිධ අවශ්‍යතාවයන් සඳහා කාර්යාල වල හෝ නිවසේ සවිකල හැකියි..මෙම සංවේදක ඉතා කුඩා වන අතර නිවස තුළ බොහෝ දේවල් තුලට ඒකාබද්ධ වී ඇත. එය වර්ග මිලි මීටර 2 ක් හා බර මිලි ග්‍රෑම් 1.6 ක් වේ.මෙහි ක්‍රියාත්මක කරන මූලධර්මය අනුව සිහිවෙන්නේ මීට වසර ගනනකට කට පෙර සෝවියට් රජයේ කේජීබීට ඔත්තු සේවය මඟින් මොස්කව් හි පිහිටි ඇමරිකන් තානාපති කාර්යාලයේ තොරතුරු රහසිගතව සවන් දුන්නා වැනිය. වසර 1946 දී ඇමරිකා එක්සත් ජනපදයේ මහා මුද්‍රාවේ අනුරුවක් රැසියානුවන් විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට ඉතාමත් යහපත් අරමුණු පෙරදැරි කරගෙන අහිංසකලෙස පරිත්‍යාග කරන ලදී. එසේම තානාපති කාරයාලය එය බාර ගන්නා ලදි. නමුත් ඇමරුකානුවන් නොදැන සිටි දෙයක් නම් මෙම නිර්මාණයට ඇහුම්කන් දීමට සමත් වූ එක් ඇන්ටනාවකින් සමන්විත වූ උපකරණයක් රහසිගතව සවි කොට තිබුණි. මෙය බැටරි හෝ ප්‍රධාන විදුලියෙන් ක්‍රියාත්මක නොවුනු අතර ඒ වෙනුවට එය අවට වාතයේ ඇති රේඩියෝ තරංග උරාගෙන එයින් ස්ව්‍යංව විදුලිය උත්පාදනය කරගෙක ක්‍රියාත්මක වූ අතර ලබාගන්නා හඩ පට රැසියානු KGB ඔත්තු සේවයට ස්ව්‍යක්‍රීයවම යවනු ලැබීය මෙය කාලාන්තරයක් තිස්සේම ඉතා රහසිගතව සිදුව තිබේ. පසුව අහඹු ලෙස 1952 දී බ්‍රිතාන ජාතික රේඩියෝ ක්‍රියාකරැවකු තම සම්ප්‍රේෂණයන් සඳහා රේඩියෝ සුසර කිරීමේදී මෙය සඟවා තිබී සොයා ගන්නා ලදී.  
විවිධ පර්යේෂණ කණ්ඩායම් පරිසරයෙන් විවිධ තොරතුරු එකතු කරගෙන විවිධ උපකරණ ක්‍රියාත්මක කල හැකි රේඩියෝ තරංග ගැන පර්යේෂන සිදු කරමින් පවතී. ඒවා අතර ජෛව වෛද්‍යය විද්‍යා උපකරණ හා ස්මාර්ට් දුරකථන සඳහා වැදගත් වේ. මේවයෙහි ක්‍රියාකාරීත්වය විශ්මය ජනකය එනම් නැනෝ මීටර 65 සිමොස් තාක්ෂනයයට අනුව නව උෂ්ණත්වමාන පද්ධතිය විශේෂ රවුටරයයක් මගින් අදාල සංවේදකය ඉලක්ක කරයි. එයින් ශක්තිය ඉතිරි කර ගැනීමට වඩා සොයා ගැනීම් වලින් බේරිය හැක. ඒ අතරම මෙම සංවේදකය විදුලිය පරිභෝජනයක් සිදුකරන අතර සංවේදකය රේඩියෝ තරංග වලට නිරාවරනය වූ විට රවුටරය නැවත භාවිතා කිරීමට හැකිවන පරිදි විදුලිය ගබඩා කරයි. සංවේදකයේ උෂ්ණත්ව සංඛ්‍යාතය වෙනස් කරන අතර , රවුටරයට මෙය හඳුනා ගත හැක. තාක්ෂණික විශ්ව විදයලයට අනුව සංවේදක වල පවතින ඉතා කුඩා හා ස්වාධීන ස්වාභාවය අනුව ඕනෑම ස්ථානයක සඟවා තැබිය හැක.
ඒවා නම් කොන්ක්‍රීට් හා පැලැස්තර ඇති ස්ථාන වලයි.එය හුණු දියර සමඟ පවා මිශ්‍ර කල හැකි අතර ආලේපනයක් ලෙස බිත්ති වලට කෙලින්ම ඉසිය හැක. දැනට සංවේදක ක්‍රියාත්මක කල හැකි පරාසය සෙන්ටි මීටර 2.5 ( අඟල් 1ක්) ක් වන අතර එය වසරක් තුළ මීටරයක් (අඩි 3ක්) දක්වා දීර්ඝ කිරීමට බලාපොරොත්තුවන අතර අවසානයේදී එය මීටර 5ක් දක්වා දීර්ඝ කරනු ඇත. මෙහි ගනනය කිරීම් වලට අනුව අඩු වියදම හේතු කොට ගෙන එය තාක්ෂණික විශ්වවිදයාල මඟින් විවිධ ක්ෂේත්‍ර ලෙස වයර රහිත සංවේදක, ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ ක්‍රම ,වයර රහිත හැදුනුම් පත් අංක, ගොඩනැගිලි වල හා විවිධ කර්මාන්ත සඳහා භාවිතා කිරීමට අපේක්ෂා කරයි.

No comments:
Write comments